කඩුලු 02ක් අතැතිව බංගලීන් අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද අරඹයි

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (26) යි.

තරගය ඊයේ (25) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ කාසියේ වාසිය සංචාරකයින් අතට පත් කරමින්.

ඒ අනුව පළමු ව පන්දුවට පහරදීම තෝරාගත් බංග්ලාදේශය ඊයේ දිනය නිමාවන විට කඩුලු 08ක් දැවී ලකුණු 220ක් ලබා සිටියා.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා වූයේ ශඩ්මන් ඉස්ලාම්.

ඒ ලකුණු 46ක්.

ශඩ්මන් දැවී ගියේ තරිඳු රත්නායක යොමු කළ පන්දුවක් හමුවේයි.

ඉන් අනතුරුව පිටියේ ක්‍රියාත්මක වූ මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් වේගෙන පැමිණෙමින් සිටියදී ලකුණු 35කට දවා ගැනීමට සිය කුළුඳුල් ජාත්‍යන්තර ටෙස්ට් තරගයට එක් වූ සොනාල් දිනූෂ සමත් වුණා.

පසුව සොනාල්ගේ විශිෂ්ට පන්දු යැවීමේ ගොදුරක් බවට ලකුණු 34ක් අතැතිව සිටි ලිටන් දාස් ද හසුවුණා.

නයීම් හසන් ලකුණු 25යි.

තරගයේ දෙවැනි දිනය ආරම්භ කිරීමට 09 වැනි කඩුල්ලට සූදානම් ව සිටින්නේ ටයිජුල් ඉස්ලාම් සමගින් එබඩොට් හොසේන්.

කඩුලු බිඳ දැමීමේ දී විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

ධනංජය ද සිල්වා හා තරිඳු රත්නායක එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44