AFC Banner
AFC Banner
Empty Ad

කඨින පිංකමෙන් කෙළවර වුණු ජීවිතය

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; කඨින චීවර වන්දනා පිංකමකට සහභාගි වීමට මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ ආනපල්ලම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 65ක් වන කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රියදුරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?