කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ ජුකී මැෂින් ආයතනයක හිමිකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (08) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට හේතුව පාතාල කල්ලි සිදුවීමක් බව පොලිසිය සැක පළ කරනවා.
මීට වසර තුනකට ඉහත දී අපරාධ කල්ලි සාමාජික පින්තු ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සීදුවේ ‘ඉඳිකටු ජූඩ්’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මරණකරු ඊයේ සිය වෙළෙඳසැලේ රැඳී සිටියදි වෙඩි ප්‍රහාරයට ගොදුරු වුණා.
හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 51 හැවිරිදි මෙම පුද්ගලයාව කඩිනමින් මීගමුව රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගිහාන් ෆොන්සේකාගේ කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව ද වාර්තාවනවා.
මරණකරු විසින් පාතාල කල්ලි සාමාජික පින්තු ගැන ලබා දුන් ඔත්තුවක් හේතුවෙන් අදාළ අපරාධකරු ජීවිතක්ෂයට පත් වූ බවත් ඊට පළිගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.





