ඖෂධ මිලදී ගැනීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙසක්

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට නව නියෝග නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි ඖෂධ පමණක් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවක එම ඖෂධ පිළිබඳ අවශ්‍ය දත්ත පරීක්ෂා කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ඇතිව ඒවා මිලදී ගන්නා ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශයේ ආයතනවල නිලධාරීන් වෙත ඔහු මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අනතුරු ඇඟවූයේ ඉහත ක්‍රමයට පිටින් යමෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවයි.

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙසත් හිඟ ඖෂධ නියමිත ක්‍රමයට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පිළිකා, වකුගඩු රෝග ආදිය සඳහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, එම ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය සියලුම ඖෂධ පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08