spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ මිලදී ගැනීම ගැන සෞඛ්‍ය ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙසක්

ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට නව නියෝග නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි ඖෂධ පමණක් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවක එම ඖෂධ පිළිබඳ අවශ්‍ය දත්ත පරීක්ෂා කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ඇතිව ඒවා මිලදී ගන්නා ලෙසටයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද පැවති සාකච්ඡාවකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශයේ ආයතනවල නිලධාරීන් වෙත ඔහු මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අනතුරු ඇඟවූයේ ඉහත ක්‍රමයට පිටින් යමෙකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවයි.

හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙසත් හිඟ ඖෂධ නියමිත ක්‍රමයට කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

පිළිකා, වකුගඩු රෝග ආදිය සඳහා භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත්, එම ඖෂධ හිඟයකින් තොරව පවත්වාගෙන යාමටත් අවශ්‍ය සියලුම ඖෂධ පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?