ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන ඉන්න අයට සුභ ආරංචියක්

ලබන දෙසැම්බර් මස පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ වීසා බලපත්‍ර හිමි පුද්ගලයින් සඳහා ඕස්ට්‍රේලියාව වෙත පැමිණීමට අවසර ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීම සහ රටේ ආර්ථිකය නඟාසිටුවීම සඳහා දැනට පනවා ඇති කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ එම පියවර ගත් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුන්, වීසා හිමි ව්‍යාපාරිකයින් සහ සරණාගතයින් හට ඕස්ට්‍රේලියාව වෙත පැමිණිමට අවසර හිමිවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?