ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වටලා විරෝධතා

මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණා.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහිවයි.

එම උද්ඝොෂකයින් පවසන්නේ වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දකින බවයි. එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පල කර සිටි. ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?