ඕමානයට සහ අබුඩාබියට මෙරට කතුන් විකිණූ ජාවාරම්කරු රක්ෂිත බන්ධනාගාරයට

ඕමානයේ සහ අබුඩාබි වෙත මිනිස් ජාවාරම් සිදුකළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (19) නියෝග කළා.

ඒ, මෙම ප්‍රධාන සැකකරු අද දිනයේ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් නතුරුවයි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන මොහොමඩ් රිස්වි මොහොමඩ් ඉන්ෆාස් නැමති මෙම සැකකරු අද (19) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු බාල වයස්කරුවන්ට රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත විදෙස් රටවලට රැගෙන ගොස් මෙම ජාවාරම සිදුකර තිබුණා.

44 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතන කිහිපයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?