AFC Banner
Empty Ad
Empty Ad

ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව සියඹලාපිටිය කියයි

එළඹෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; වැවිලි, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ; ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන බවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවයි.

එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධ ව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?