AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රෙලියානු ආරක්ෂක හා උපායමාර්ගික කණ්ඩායමක් මෙරට අධ්‍යයන සංචාරයක

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වන ඔස්ට්‍රෙලියාවේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවට (Defence and strategic studies course – Australian) අයත් ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයින්ගෙන් සමන්විත, Colonel Lara Terese Troy ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් පිරිසක් ඊයේ (22) දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම නිලධාරින් පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාවේ ප්‍රධානි Colonel Lara Terese Troy සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නාවික හමුදා මූලස්ථානයේ දී සුහද පිළිසඳරක් පැවැත්වුවා.

එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?