ඔමික්‍රෝන් ප්‍රභේදය මැද අප්‍රිකානු රටවලට පැනවූ සංචාරක තහනම ඉවත් කළේ ඇයි ?

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර සිටියා.

මෙලෙස පනවා තිබු සංචරණ තහනම ඉවත් කිරීමට තීරණය කලේ කුමන හේතුවක් සම්බන්ධයෙන් ද යන්න පැහැදිලි නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර සිටියේ.

මෙලෙස අප්‍රිකානු රටවලට පනවා තිබු සංචාරක තහනම ඉවත් කිරීමට තීරණය කළේ කුමන අරමුණක් නිසාද යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

එලෙස පනවා තිබු තහනම ඉවත් කෙරුනේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් එම සංචාරක තහනම පනවා තිබුණා.

කෙසේවෙතත් මේ වන විට දකුණු අප්‍රිකාණු කලාපයට වඩා යුරෝපා රටවල්වල එම වෛරසය පැතිර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ලොව පුරා රටවල් 49කින් පමණ ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වි ඇති බැවින් දකුණු අප්‍රිකානු කලාපයේ රටවල්වලට පමණක් සංචරණ සීමා පැනවීම ප්‍රායෝගික නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් ඕමික්‍රොන් විකෘත්ති ප්‍රභේදයට එරෙහිව ඵලදායී ආරක්ෂාවක් ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ප්‍රකාශ කර තිබෙනවා. ඕමික්‍රොන් ප්‍රභේදය හදුනා ගැනීමත් සමග ලොව රටවල් රැසක් දකුණු අප්‍රිකානු රටවල්වලට සංචරණ සීමා පැනවුවද මේ වන විට එම රටවල්ද අදාල සංචරණ සීමා ඉවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?