ඔමික්‍රොන් හමුවුනේ අප්‍රිකාවෙන් නොවේ,අලුත් ම අනාවරණය මෙන්න

ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් හමු වූ රටවල් සංඛ්‍යාව මේ වන විට 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, නෙදර්ලන්ත වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනාවරණ කළේ, මෙම වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වීමට පෙර යුරෝපයේ තිබූ බවයි.

ලොව පුරා ඔමික්‍රොන් ප්‍රභේද සහිත ආසාදිතයින් 169 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.  

මේ අතර, මෙම ප්‍රභේදය ගැන සෙවීමට වඩා වැදගත් වන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය මඟින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.මේ අතර, වව්නියාව – පුදුකුඩුඉරිප්පු ගණදෙවි කෝවිලේ ප්‍රධාන කුරුක්කල් එස්.කන්දසාමි කොරෝනා ආසාදනය වීමෙන් අද මියගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?