ඔමික්‍රොන් රටවල් 12කින් හිස ඔසවයි – අතිශය භයානක තත්ත්වයක්

ඔමික්‍රොන් නව ප්‍රභේදය මේ වන විට රටවල් 12කින් තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, බි්‍රතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ටේ්‍රලියාව, හොංකොං, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින්.

නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ දකුණු අප්‍රිකාවට රටවල් රැසක් සංචාරක තහනම් පනවනු ලැබුවා. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා එම තහනම හෙළා දැක ඇති අතර, විද්‍යාත්මක පදනමකින් තොරව පැනවූ එම තහනම් ඉවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

මේ අතර ඊයේ (28) මෙරටින් නව ආසාදිතයන් 742කු හඳුනාගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 62,520ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 18,553ක්. නව මරණ 27ක් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,305ක් ලෙසයි.

මේ අතර ,ගත වු දින 14ක කාලය තුළ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් කිසිදු සංචාරකයෙකු මෙරටට පැමිණ නොමැති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන මගින් ඒ බව තහවුරු වී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර,ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම වැළැක්වීමට නොහැකි බවත් ඊට මුහුණදීමට සුදානම්විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. මේ අතර නව වෛරස් ප්‍රබේදයේ පැතිරීම හමුවේ පළමුවෙන් වසාදැමූ රට බවට පත්වෙමින් ඊශ්‍රායේ අද රට තුළට ඇතුළුවීම තහනම් කර තිබේ.

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූවන්ට පෙන්වන්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බව දකුණු අප්‍රිකානු වෛද්‍ය බලධාරීහු පවසති. දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්ජලික් කොට්සි පවසන්නේ හමුවී ඇති අසාදිතයින්ට රස සහ සුවඳ නොදැනීමේ තත්ත්වයක් මෙතෙක් වාර්තා නොවන බවයි.

රෝගය ආසාදනය වූවන්ට මස්පිඩු වේදනාව , වෙහෙසකාරී බව දින දෙකක් පමණ පවතින අතර සුළු කැස්ස තත්ත්වයක් ද වාර්තාවී තිබූ බව දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්ජලික් කොට්සි පවසයි. පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ඔමික්‍රොන් වෙත දක්වන ප්‍රතිචාරය පිළිබඳ තක්සේරු කිරීමට තවත් සති දෙකක් පමණ ගතවිය යුතු බව ඇයගේ අදහසයි.

කෙසේ වෙතත් දැනට ඇති තොරතුරු අනුව රෝගය බෝ වීමට ඇති ප්‍රවණතාව වැඩි වුවත් එහි බරපතළකම අඩු බව දකුණු අප්‍රිකානු වෛද්‍ය සම්මේලනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්ජලික් කොට්සි පවසයි. මේ අතර නව වෛරසය මෙරටට පැමිණීම වැළැක්වීමට නොහැකි බවත් ඊට මුහුණදීමට සුදානම්විය යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, නව ප්‍රභේදය ඉතාමත් වේගයෙන් පැතිර යමින් ඇති බවයි.

”මේ අලුත් ප්‍රභේදයට අපි අතර දැන් භාවිත කරන එන්නත්වල ඵලදායිත්වය සම්බන්ධව සැක පහළ වෙමින් පවතිනවා. මේ අවස්ථාව වනවිට අපට දැනුවත්ව සිටින්නේ සාමාන්‍ය සෞඛ්‍ය පුරුදුවලට යොමුවීම අත්‍යාවශ්‍ය වෙනවා මේ වෛරස් එක එන එක අපට වැළැක්විය නොහැකියි. කාල පරාසයක් ලැබිලා ඒ සම්බන්ධව සුදානම්වීමට ඉතිං ඒක අපි උපරිමයෙන් සැලකිලිමත් වෙන්න ඕන. රෝහල් පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන ජනතාව එන්නත්කරණයට යොමු වෙන්න ඕන” අලුතින් හඳුනාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය වන ඔමික්‍රෝන් පිළිබඳ භීතිය වැඩිවන විට, ලොව පුරා රජයන් තම රටවල් තුළ හදිසි තත්ත්වයන් සඳහා සුදානම් වෙමින් සිටී. අපේ රටේ ගුවන්තොටුපළ මේ සඳහා ඇති සූදානම කුමක් ද? ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ උප සභාපති රජිව් සුරියආරච්චි මහතා පැවසුවේ, උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දෙන මාර්ගෝපදේශ මත ඉදිරියට කටයුතු කරන බවයි. ”

මේ වන විට දකුණු අප්‍රිකාවේ අලුතින්ම පැතිර යන දකුණු අප්‍රිකාවේ කොවිඩ් 19 ප්‍රභේදය සම්බන්ධයෙන් අපට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ ලැබිලා තියනවා. දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් 6 කට 28 වෙනිදා මධ්‍යම රාත්‍රි 12 සිට ශ්‍රී ලංකාව වෙත පැමිණිම අත්හිටුවලා තියනවා. පිසීආර් පරීක්ෂණ අපි පෙර පරිදිම කරගෙන යනවා.

මේ තත්ත්වය තවත් දරුණු වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපට තවත් මාර්ගෝපදේශයක් ලබාදෙයි දැනට මේ වෙනකොට වැක්සින් දෙකම ගහපු අයට තාමත් කෙලින්ම තමන්ගේ ගමනාන්තය වෙතට නැත්තම් නිවස වෙත යන්න අවස්ථාව තාම තියනවා” ඉහළ බෝවීමේ හැකියාවකින් යුත් මෙම නව විකෘතිය ප්‍රථමයෙන් දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර එතැන් සිට ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඊශ්‍රායලය, ඉතාලිය, චෙක් ජනරජය සහ හොංකොං යන රටවල අනාවරණය විය.

ඔමික්‍රෝන් භීතියට ප්‍රතිචාර ලෙස අද රාත්‍රියේ සිට දින ඊශ්‍රායලය විදේශිකයන්ට රට තුළට ඇතුළු වීම තහනම් කළේ ය. දකුණු අප්‍රිකාවේ සංචාරයකයින් පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔමික්‍රෝන් රෝගීන් දෙදෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ. එම දෙදෙනාම සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති පුද්ගලයින් වන අතර ඔවුන් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් බව ද සඳහන් ය.

නෙදර්ලන්තය ද අර්ධ වශයෙන් ලොක් ඩවුන් කර තිබේ. ඒ ඊයේ දිනයේ එරට ඇම්ස්ටඩෑම් නුවරට දකුණු අප්‍රිකාවේ සිට පැමිණි යානා දෙකක සිටි පුද්ගලයින් 61 දෙනෙකු නව කොවිඩ් ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වීමත් සමගයි. මේ අතර නව කොවිඩ් ප්‍රභේදය පිළිබද නිසි අවබෝධයන් ගැනීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57