Empty Ad
Empty Ad
AFC Banner

ඔන්මැක්ස් ඩී.ටී වංචාවට සම්බන්ධ අයෙකුට වරෙන්තු

“ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය ජාවාරමක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනුයි අද චාමර වික්‍රමතිලක නමැති සැකකරුවකුට මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන පරිගණක, දුරකථන ඇතුළු භාණ්ඩ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබාදී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වන ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන් ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

මෙම පිරමීඩ ආකාරයේ මූල්‍ය ජාවාරමට පුද්ගලයන් දෙලක්ෂ විසි දහසකට ආසන්න පිරිසක් හසුවී ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබුණේ.

මේ වන විට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව රුපියල් කෝටි 3000ක පමණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවද මහජනතාවගෙන් ලබාගත් මෙම මුදල් හරහා මෙම සැකකරුවන් හෝටල්, ඉඩම් වාහන, ඇතුළු රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ ලබාගෙන ඇති බව ද එම ඒකකය වැඩිදුරටත් කරුණු දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?