ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අසිතගේ නම ලියවේ

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ‘ලෝඩ්ස් ගෞරව පුවරුව’ වෙත එක් වූ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද සමත් වුණා.

ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් දවාගැනීමත් සමඟයි.

අසිත එංගලන්ත පළමු ඉනිම තුළ පන්දුවාර 24ක් යවමින් ලකුණු 102ක් ලබා දී කඩුලු 05ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක ‘ලෝඩ්ස් ගෞරව පුවරුව’ වෙත එක් වූ පළමු පන්දු යවන්නා බවට පත්ව සිටිනවා.

මේ අතර එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරග නතර කරනවිට කඩුලු 02ක් දැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියා.

පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 427ක් ලකුණු පුවරුවට එක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
3
+1
17
+1
2
+1
6
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?