ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අසිතගේ නම ලියවේ

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ‘ලෝඩ්ස් ගෞරව පුවරුව’ වෙත එක් වූ දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද සමත් වුණා.

ඒ, එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 05ක් දවාගැනීමත් සමඟයි.

අසිත එංගලන්ත පළමු ඉනිම තුළ පන්දුවාර 24ක් යවමින් ලකුණු 102ක් ලබා දී කඩුලු 05ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක රුමේෂ් රත්නායක ‘ලෝඩ්ස් ගෞරව පුවරුව’ වෙත එක් වූ පළමු පන්දු යවන්නා බවට පත්ව සිටිනවා.

මේ අතර එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරග නතර කරනවිට කඩුලු 02ක් දැවී ලකුණු 32ක් රැස්කරගෙන සිටියා.

පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 427ක් ලකුණු පුවරුවට එක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28