එළවළු රටින් ගෙන්වන්න අවසර – කළු කඩකාරයින්ට නීතිය තදවෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට වෙළඳපොළේ දැඩි එළවළු හිඟයක් පවතිනවා.

වෙළඳපොළේ ඇති එළවළුවල ද ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට පිළියමක් ලෙස එළවළු ආනයනය කිරීමට අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය එළවළු විදෙස් රටවලින් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

මාස දෙකක කාලයක් සඳහා මෙලෙස එළවළු ආනයනය කිරීමට අවස්ථාව හිමිවන බවයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

මේ අතරදැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

ඒ, අනුව අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සඟවා තබාගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
20
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?