එළවළු රටින් ගෙන්වන්න අවසර – කළු කඩකාරයින්ට නීතිය තදවෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට වෙළඳපොළේ දැඩි එළවළු හිඟයක් පවතිනවා.

වෙළඳපොළේ ඇති එළවළුවල ද ඉතා ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට පිළියමක් ලෙස එළවළු ආනයනය කිරීමට අවදානය යොමුව තිබෙනවා.

ඒ, අනුව සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය එළවළු විදෙස් රටවලින් ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි වෙළඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ.

මාස දෙකක කාලයක් සඳහා මෙලෙස එළවළු ආනයනය කිරීමට අවස්ථාව හිමිවන බවයි එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

මේ අතරදැනට පවතින අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළඳුන් මහජනතාව මුහුණ දෙන අපහසුතා අයුක්තික ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා පාරිභෝගික භාණ්ඩ ඉතා ඉහළ මිලකට විකිණීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

ඒ, අනුව අපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මිල ඉහළ දැමීම, අනවශ්‍ය ලෙස පාරිභෝගික භාණ්ඩ ගබඩා කර සඟවා තබාගැනීම මගින් අයුතු හෝ කුඨ වෙළඳ උපක්‍රම අනුගමනය කරන ඕනෑම ව්‍යාපාරයකට හෝ පුද්ගලයකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි කොමසාරිස්වරයා දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21