එළඹෙන 6 වෙනිදා පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට

පෞද්ගලික බස් රථ ධාවනයට ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් මේ සතිය තුල සැකසිය යුතු බවත් එසේ සිදු කෙරෙන්නේ නැතිනම් එළඹෙන 6 වෙනි දා දින සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදු කෙරුණත් ඒ සඳහාද ඩීසල් ලබා ගත්තේ ඉතා ගැටලුකාරී තත්ත්වයක සිට බවත් අද දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුන බව ඔහු කියා සිටියා

එමෙන්ම බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් දිගින් දිගටම මේ ආකාරයෙන් ාවනය කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියා. එමෙන්ම දැනට ධාවනය වන බස් රථ ප්‍රමාණය ද එළඹෙන 6 වෙනිදා දිනයෙන් පසු ධාවනය නොකිරීමට තීරණය කරන බව ද ඔහු කියා සිටියා.

පසුගිය කාලසීමාව තුළදී ප සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණ හා විරෝධතා සිදු නොකර සිටි පුද්ගලයන්ට පමණි ස්තුති කරන බවද ඔහු කියා සිටියා

එමෙන්ම 31ඊයේ දිනයේ සිට බදු වැඩිකිරිමට රජය මගින් තීරණය කර ඇති අතර එය තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපාන බව ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් අමතර කොටස් වල මිල ද ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බව බදු වැඩි කිරීම පසෙකලා පාඩු ලබන ආයතන විකිණීම හෝ වෙනයම් ක්‍රමවේදයකින් මේ අලාභ අයකර ගැනීම සිදු කළ යුතු බවත් මෙසේ බදු වැඩිකිරීම හේතුවෙන් ීඩාවට පත් වන්නේ සාමාන්‍ය පොදු මහජනතාව බව ඔහු කියා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33