එස්. ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිදු වූ සාකච්ඡා පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවල දී කන්කසන්තුරේ වරාය නවීකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් පිරිනැමීම ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාවේ සහාය ලබාදීමට කෙරෙහි අවධානය යොමු වූ බවයි.

ජනාධිපති අනුර දිසානායක සමඟ සාකච්ඡාවේ දී බලශක්ති, ඩිජිටල් යටිතල පහසුකම් සහ සෞඛ්‍ය පිළිබඳ අවදානය යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය බව ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවට පුනර්ජනනීය බලශක්ති අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ සහාය ද, විදේශ කටයුතු අමාත්‍යවරයා ජනධිපතිවරයා සමඟ පැවති හමුවේ දී අවධාරණය කර ඇති අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ මුල් සහ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳව ද අවදානය යොමුව ඇති අතර, ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් ඉක්මනින් නිදහස් කිරීම සහ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් වෙනුවෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති අතර, කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට දෙරටේ සහයෝගීතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක්ව ඇති තවත් කරුණක්.

ජනවාර්ගික ප්‍රශ්නය සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභාව කඩිනමින් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින අතරම, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා දෙමළ ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා සහාය පළ කිරීමට ද විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දි මුදල් සොයා බැලීමට ගිය ගොවියෝ - නිලධාරීන් අතර උණුසුම් තත්වයක්..සත පහක්වත් නෑ..බොරු කියන්න එපා
13:11
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආ ජනපතිව වැළඳගෙන දුව සංවේදී වෙයි
01:42
Video thumbnail
Praharaya | පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
00:53
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
01:18
Video thumbnail
පොළොන්නරුවේ ටී.බී.සරත් විසින් ඇලහැර අමුණ විවෘත කරන හැටි..මිනිස්සු වටවෙලා බලන් ඉන්නේ
01:58
Video thumbnail
කැලෑ නීතිය රජ කරවන්න හදන්නේ
02:18
Video thumbnail
කිරිබත්ගොඩ ගින්නෙන් පසු නවතම තත්ත්වය
01:21
Video thumbnail
රටේ අප්සට් එක ගැන කතා කරන මාධ්‍යයත් අප්සට්..ලාල්කාන්ත ලෙසටම කිව්ව දේ
17:01
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:05


?