නව වසරේ, නව සැලසුම් සමඟ රට ආර්ථික ජයග්‍රහණය කරා ගෙන යමු – ජනපති

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව, අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ සඳහන් කළා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීයි.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වුණා.

රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියා.

එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළා.

2022 වසරේදී සිදු වූ ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වන විට රජයට හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්ත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරුණා.

ආදයම් එකතු කිරීම, වෙළෙඳාම පහසු කිරීම, සමාජ ආරක්ෂණය සහ ආයතනික සංවර්ධනය යන අංශ 04 යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, එම එක් එක් අංශයන්හි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා කරුණු විමසනු ලැබුවා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තුළ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයද සාර්ථකව ක්‍රියාත්මක වන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.

රේගු කටයුතුවලදී බොහෝ අවස්ථාවන්හි එල්ලවන චෝදනා වන තදබදය සහ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසූ අතර, භාණ්ඩ පරීක්ෂා කිරීමේ පද්ධතිය නවීකරණය සඳහා වු වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව ඩිජිටල්කරණය වෙනුවෙන් 2026 වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම්, උසස් වීම්, පුහුණු වීම සහ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුද සාකච්ඡා වී තිබෙනවා.

රට තුළ අස්ථාවත්වරයක් නිර්මාණය කිරීමේ උපක්‍රම සහ සැලසුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවැනි අවස්ථා නිර්මාණය කිරිමට ඇති ඉඩ ඇහිරීමේදී ගුවන් තොටුපොළ ආශ්‍රිත සේවා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් සහ රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ඇති වගකීම හඳුනා ගනිමින් එහි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළා.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගල යන අය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී අරුක්ගොඩ , අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18