ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තයට ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සඳහා කැබිනට් අනුමැතිය

සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානය හා ජපාන රජය අතර එළඹ ඇති සහයෝගිතා ගිවිසුම අනුව, යෙන් මිලියන 1,170ක ජපන් ආධාර මත ‘ නිරිත දිග ආසියාවේ රටවල් වලට දේශ සීමා ආශ්‍රිත බෝවන රෝග පාලනය සඳහා පෙර සුදානම ‘ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ ඛණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි පහසුකම් ජාත්‍යන්තර භාවිතයන්ට අනුව වැඩිදියුණු කිරීමේ කටයුතු 2023 වර්ෂයේ සිට ආරම්භ කළා.

ඒ යටතේ ගුවන්තොටු පොළ සැමිණීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04 ක් සවි කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර, නුදුරේදීම එකී ගේට්ටු මඟින් මගී නිෂ්කාශන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පැමිණිමේ පර්යන්තයේ සවි කරනු ලැබ ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට සමගාමීව පිටවීමේ පර්යන්තයේ ද ස්වයංක්‍රීය මගී නිෂ්කාගත ගේට්ටු 04ක් සවි කිරීම තුළින් එකම ක්‍රම වේදයක් අනුව වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව මගී නිෂ්කාශන කටයුතු ඉටු කර ගැනීමට හැකියාව පවතිනවා.

ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි පිටවීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04 ක් සවි කිරීමේ කටයුතු 2026 වර්ෂය තුළ සිදු කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16