එස්. ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිදු වූ සාකච්ඡා පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වනවිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය මඟින් දන්වා ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවල දී කන්කසන්තුරේ වරාය නවීකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් සහ ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් පිරිනැමීම ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාවේ සහාය ලබාදීමට කෙරෙහි අවධානය යොමු වූ බවයි.

ජනාධිපති අනුර දිසානායක සමඟ සාකච්ඡාවේ දී බලශක්ති, ඩිජිටල් යටිතල පහසුකම් සහ සෞඛ්‍ය පිළිබඳ අවදානය යොමුකර ඇති අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය බව ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවට පුනර්ජනනීය බලශක්ති අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ සහාය ද, විදේශ කටයුතු අමාත්‍යවරයා ජනධිපතිවරයා සමඟ පැවති හමුවේ දී අවධාරණය කර ඇති අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිය සඳහා ඉන්දියාවේ මුල් සහ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට තහවුරු කර තිබෙනවා.

එමෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව පිළිබඳව ද අවදානය යොමුව ඇති අතර, ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් ඉක්මනින් නිදහස් කිරීම සහ ජීවනෝපාය ගැටළු සඳහා මානුෂීය ප්‍රවේශයක් වෙනුවෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති අතර, කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට දෙරටේ සහයෝගීතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක්ව ඇති තවත් කරුණක්.

ජනවාර්ගික ප්‍රශ්නය සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභාව කඩිනමින් පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින අතරම, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා දෙමළ ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා සහාය පළ කිරීමට ද විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27