එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

අහමදාබාද්හි අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබෙනවා.

ගුවන් යානනයේ වැදගත් දත්ත සටහන් වී ඇති මෙම කළු පෙට්ටිය ගුවන් යානයේ ගැටුණු වෛද්‍ය නේවාසිකාගාරයේ වහලය මත තිබී සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගුජරාට් රජයේ නිලධාරීන් 40 දෙනෙකුගේ සහාය ඇතිව ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් විසින් අනතුරට පත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මාරාන්තික ගුවන් අනතුරකට තුඩු දුන් හේතුව හෙළිදරව් කිරීමේදී කළු පෙට්ටිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි විශේෂකයින් පවසන්නේ.

ඩිජිටල් පියාසැරි දත්ත රෙකෝඩරය කළු පෙට්ටියක් ලෙස හැඳින්වුව ද, එය සාමාන්‍යයෙන් සුන්බුන් සහ දිය යට පහසුවෙන් හඳුනාගැනීම සඳහා දීප්තිමත් තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා ඇති උපාංගයක් වනවා.

අහමදාබාද් ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වූ මෙම එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකට පසු කඩා කඩා වැටීමෙන් ගිනිගෙන අනතුරට ලක්වුණා.

මෙම අනතුරන් යානයේ සිටි 241 දෙනෙකු මියගිය අතර, එක් පුද්ගලයෙකු පමණක් ජීවිතය බේරාගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
15
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?