එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය හමුවෙයි

අහමදාබාද්හි අනතුරට ලක්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබෙනවා.

ගුවන් යානනයේ වැදගත් දත්ත සටහන් වී ඇති මෙම කළු පෙට්ටිය ගුවන් යානයේ ගැටුණු වෛද්‍ය නේවාසිකාගාරයේ වහලය මත තිබී සොයා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගුජරාට් රජයේ නිලධාරීන් 40 දෙනෙකුගේ සහාය ඇතිව ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ කණ්ඩායමක් විසින් අනතුරට පත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම මාරාන්තික ගුවන් අනතුරකට තුඩු දුන් හේතුව හෙළිදරව් කිරීමේදී කළු පෙට්ටිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි විශේෂකයින් පවසන්නේ.

ඩිජිටල් පියාසැරි දත්ත රෙකෝඩරය කළු පෙට්ටියක් ලෙස හැඳින්වුව ද, එය සාමාන්‍යයෙන් සුන්බුන් සහ දිය යට පහසුවෙන් හඳුනාගැනීම සඳහා දීප්තිමත් තැඹිලි පැහැයෙන් වර්ණ ගන්වා ඇති උපාංගයක් වනවා.

අහමදාබාද් ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වූ මෙම එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී සුළු මොහොතකට පසු කඩා කඩා වැටීමෙන් ගිනිගෙන අනතුරට ලක්වුණා.

මෙම අනතුරන් යානයේ සිටි 241 දෙනෙකු මියගිය අතර, එක් පුද්ගලයෙකු පමණක් ජීවිතය බේරාගැනීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14