2026 IPL තරගාවලිය ආරම්භයට තවත් හෝරා කිහිපයක් තිබිය දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයකට ලක්ව ඇති බව චෙන්නායි කණ්ඩායම නිවේදනය කරනවා.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිල එක්ස් ගිණුමේ මේ බව දැනුම් දෙමින් විශේෂ සටහනක් ද එක්ක්කර තිබෙනවා.
දෝනිගේ ආබාධය හේතුවෙන් ඔහුට තරගාවලියේ පළමු සති දෙක අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.
කෙසේ වෙතත් 44 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි සම්පූර්ණයෙන්ම සුවය ලබා නැවත පිටියට පැමිණීමට කොපමණ කාලයක් ගතවේ ද යන්න පිළිබඳව තවමත් චෙන්නායි කණ්ඩායම ප්‍රකාශයක් කර නැහැ.
දෝනි යළි කණ්ඩායමට පැමිණෙන තෙක් කඩුල්ල පිටුපස වගකීම මෙවර තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම සමඟ එක් වූ සංජු සැම්සන්ට හිමිවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර මෙවර IPL තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන සඳුදා ගුවහාටි හි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.














