එප්පාවල සමූපේ චෝදනාවලට මෛත්‍රීගෙන් උත්තර

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය හා සාවද්‍ය බව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය නිකුත් කරන බවයි.

ඒ, අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වන බවත් මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා කරමින් කිසිඳු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති තමා සම්බන්ධයෙන් කරන චරිත ඝාතනය තරයේ හෙළාදකින බව ද ඔහු පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (20) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?