එප්පාවල සමූපේ චෝදනාවලට මෛත්‍රීගෙන් උත්තර

එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (21) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය හා සාවද්‍ය බව මහජනතාවගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය නිකුත් කරන බවයි.

ඒ, අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සතුටින් ඉදිරිපත් වන බවත් මෙවැනි ප්‍රචාර යවා අසත්‍ය චෝදනා කරමින් කිසිඳු වංචාවකට හෝ දූෂණයකට සම්බන්ධ නොමැති තමා සම්බන්ධයෙන් කරන චරිත ඝාතනය තරයේ හෙළාදකින බව ද ඔහු පවසනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (20) දින පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

2019 වසරේදී එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින්.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46