AFC Banner
Empty Ad
Empty Ad

එන්නත නොගත් සේවකයින්ව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයකින් දොට්ට දමයි

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන සුප්‍රසිද්ධ “CNN (සීඑන්එන්)” මාධ්‍ය ජාලය මඟින් සිය ආයතනය තුළ තිබෙන වසංගත පාලන නීති උල්ලංඝනය කළ සේවකයින් තිදෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ කොවිඩ්-19 සඳහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත විද ගැනීමට කටයුතු නොකළ තිදෙනෙකි.

අමෙරිකානු සමාගමක් විසින් එන්නත් කිරීම සඳහා දායකත්වය ලබා නොදුන් සේවකයින් සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ද මෙය බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

එම ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන්ව තිබුණේ එන්නත ලබා නොගැනීම වැනි කාරණයක් සම්බන්ධයෙන් ඉවසීමක් නොමැති බවයි.

එමෙන්ම ගූගල් සහ ෆේස්බුක් ආයතනයන් ද දන්වා සිටින්නේ ඉදිරියේ දී ඔවුන්ගේ ආයතනයේ රාජකාරී සඳහා පැමිණෙන සියලු සේවකයින් එන්නත ලබාගෙන සිටීම අනිවාර්ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?