එන්නත ගන්න නොසුදුසු පිරිසක් ගැන වසංගත රෝග අංශයෙන් නිවේදනයක්

කොවිඩ් 19 මර්ධන එන්නත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පැහැදිළි කිරීමක් සිදු කොට තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව යි.

එලෙස රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ”

ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යන කොවිඩ් 19 ආසාදිතයින් දින 10ක් පසු වූ පසු නැවත නිවෙස්වලට එවීමේ හේතුව ද ඔහු පැහැදිළි කළා.

“කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47