එන්නත ගන්න නොසුදුසු පිරිසක් ගැන වසංගත රෝග අංශයෙන් නිවේදනයක්

කොවිඩ් 19 මර්ධන එන්නත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විශේෂ පැහැදිළි කිරීමක් සිදු කොට තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව යි.

එලෙස රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ”

ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යන කොවිඩ් 19 ආසාදිතයින් දින 10ක් පසු වූ පසු නැවත නිවෙස්වලට එවීමේ හේතුව ද ඔහු පැහැදිළි කළා.

“කොවිඩ් -19 ආසාදනය වුණාට පස්සේ ඔහුට රෝග ලක්ෂණ නැති නම් හෝ සුළු රෝග ලක්ෂණ පමණක් තිබේ නම් ඔවුන්ගේ වෛරසයේ තියෙන බලපෑම, ඒ වෛරසයෙන් තවත් කෙනෙකුට ආසාදනය වෙන්න තියෙන බලපෑම් දින 10ත් 14ත් අතර කාලයකදී සම්පූර්ණයෙන්ම නැතුව යනවා. ඒ නිසා අපි රෝහල්වලට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කරන ආසාදිත නමුත් රෝග ලක්ෂණ නැති අය දින 10කින් නිවෙස්වලට පිටත්කර හරිනවා. ඔවුන් තවත් දින 4ක් නිවසේම රැඳී සිටිය යුතුයි. ඒ දින 14 ගත වුණාට පසුව ඔවුන්ට දෛනික කටයුතු කරගන්න පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?