උතුරු මැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද වාහනවල ගණන් හිලව් පිළිබඳව, පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ඉදිරිපත් කළ තොරතුරු වැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඒ, වෙනුවෙන් තමා කණගාටුව පළකර සිටින බවයි අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළේ.
පුවත්පත්වල වාර්තා වී ථිබු තොරතුරු සහ උතුරු මැද පළාතේ ඇතැම් පිරිස් තමාට දුරකථනයෙන් කතාකර ලබාදුන් තොරතුරු මත පදනම්ව අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී එම තොරතුරු ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
කෙසේ වෙතත් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් පවතින ඇත්ත තත්ත්වය පිළිබඳව ඊයේ (02) දිනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කරුණු ඉදිරිපත් කළ බව කී මන්ත්‍රීවරයා, එම කරුණු අධ්‍යනය කිරීමෙන් පසු තමන් ඊට පෙර ප්‍රසිද්ධ කළ තොරතුරුවල අසත්‍යතාවක් පවතින බවට තේරුම් ගත් බවයි පැවසුවේ.





