එඬරු ඇටෙන් ඩීසල් හදන ලංකාවේ දොස්තර (වීඩියෝ)

පවතින බලශක්ති අර්බුදය හමුවේ විකල්ප බලශක්ති ක්‍රමෝපායන් පිළිබඳව මේ වන විටත් විවිධ පරීක්ෂණ ලොව පුරා සිදුකරමින් පවතිනවා.

එවැනි පසුබිමක අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදාගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමට සමත්ව තිබෙනවා.

මෙම ඉන්ධන නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ පැවසීය.

  “මෙම ක්‍රමය මගින් පරිසරය සියයට සීයක් සුරැකෙනවා සේම ඩොලර් ගැටළුවට ද පිළියමක් ලැබෙනවා, අපේ රටේ අත්හදා බැලීම් සිදු කළ විට එය පළමුව හඳුන්වා දීමට ම පමණක් සීමා වෙනවා. ඉන් එහාට යළිත් කතාවක් වත් නැහැ. මට වගකීමෙන් කියන්න පුලුවන් දැනට පවතින ඩීසල් වාහන සඳහා කිසිදු වෙනස් කිරීමකින් තොරව මෙය භාවිතා කරන්න පුළුවන්.කෘෂිකර්මාන්ත වැඩ වලට යොදා ගන්න මගේ ටැක්ටරය, මගේ කැබ් රථය ධාවනය කරන්නේ පරීක්ෂණ සිදු කර අත්හදා බලා මා විසින් නිපදවන ඩීසල්වලින්. දැනට ලෝකයේ පවතින ඉන්ධන සහ බලශක්ති අර්බුදය හමුවේ මම වසර පහළොවකට පමණ පෙර සිට සිදු කළ ජෛව ඉන්ධන සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවල සොයා ගැනීම් අනුව විශේෂයෙන්ම දැනට තිබෙන ඩීසල් හිඟතාවය ඇතුළු ගැටලු නිසා ජෛව කාබනික ඩීසල් නැමැති ඉන්ධනය මම නිෂ්පාදනය කළා. විශේෂෙන්ම දැන් ලෝකයේ ජෛව ඉන්ධනවලට වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා. මොකද පෙට්ට්‍රෝලියම් ඉන්ධන අවසන් වී ගෙන යෑම ඊට හේතුවක් ලෙස දැක්විය හැකියි. ජෛව කාබනික ඩීසල් නිපදවීම ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ අප්‍රිකානු වැනි රටවල වසර ගණනාවක් සිට නිෂ්පාදනය කරලා භාවිතා කරනවා. 2007 වසරේදී මම කරපු පරීක්ෂණවලින්, ලංකාවේ වැවෙන එඬරු කියලා ශාක දෙකක් තිබෙනවා, මේ ශාකවල තෙල් මනුෂ්‍ය පරිභෝජනය සඳහා භාවිතා කරන්නේ නැහැ. මේ ගස්වල විශාල වශයෙන් පල හට ගැනීම සිද්ධ වෙනවා වසරකට එම ඇටවල බරින් සියයට පනහක් හැටක් අතර තෙල් තිබෙනවා. කාලීනව මතු වෙලා තිබෙන ගැටලුවක් සමග බයෝ ඩීසල්වල අවශ්‍යතාවය තියෙනවා කියලා මට හිතුණා. ඒ අනුව තමයි ඒ මම තව දුරටත් පරීක්ෂණ සිදු කරලා ඩීසල් නිපදවලා වාහන පරීක්ෂා කරලා බැලුවේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18