එට්කා ගිවිසුම අලුත් කළ යුතුයි – ඒත් අපි අත්සන් කළේ නෑ (වීඩියෝ)

ජනාධිපතිවරයා සිදු කළ තෙදින ඉන්දීය නිල සංචාරයේ දී මහව – ඕමන්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම ඉන්දීය ණය මුදල් ප්‍රදානයෙන් සිදුකර ගත හැකි වූ බව රජය පවසනවා.

අද (20) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ඉන්දියාව එලෙස ප්‍රදානය කළේ ණයක් නොවන බවයි.

මින් ඉදිරියේ දී මහව – ඕමන්ත දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ද ඉදිකරන බව ද කැබිනට් අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර මෙම නිල සංචාරයේ දී ඉන්දීය මහාබෝධි සංගමය තුළ තිබෙන විදේශ මුදල් ලබා ගැනීමට ද කටයුතු සම්පාදනය කළ බවත් ප්‍රකාශයට පත් කෙරුණා.

මෙරට මුහුදු කලාපය, අන්තර් මහාද්වීපික මුහුදු සීමාව ගැන ද එක්සත් ජාතික සංවිධානය මගින් මෙතෙක් නිර්ණය නොකිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැති මෝදි ව දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් අපේ රටේ භූමිය ඉන්දියාවට හෝ වෙනත් රටකට තර්ජනයක් වීමට ඉඩ නොතබන බව ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද දෙරට අතර පුළුල් සාකච්ඡා පැවතුණු බව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම පසුගිය කාලවකවානුවේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දීය රජය දුන් ප්‍රදානයන්ට සහ සහායට ද මෙහිදී විශේෂ ස්තුතියක් පිරිනැමුණා.

රටවල් දෙක අතර බලශක්ති පිළිබඳ ව යෝජනා පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව ශ්‍රී ලංකාවෙන් හිමි ව තිබෙනවා.

LNG සහ සුළං බලය ලබා ගනිමින් එහි අතිරික්තය අපනයනය කිරීමට අවශ්‍ය බැවින් ඉන්දියාව සමග සාකච්ඡා කළ බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

එබැවින් බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාව මත රට ඉදිරියට ගෙන යාමට ඉන්දීය රජය සමග සාකච්ඡා කළ බවත් එය කිසිලෙසකින් රට පාවා දීමක් නොවන බවයි විජිත හේරත් මහතා පැවසුවේ.

ඉන්දියාව සහ අරාබිය අතර ඉන්ධන නලයක් එලීමට ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සාකච්ඡා පැවැත්වුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල එකඟතාවකට පැමිණ නැහැ.

එමෙන්ම ස්වාභාවික පාරිසරික පද්ධතිය ආරක්ෂා කරගනිමින් සුළං බලය නිපදවීම සම්බන්ධයෙන් ද දෙරට අතර සාකච්ඡා ඇති කෙරුණා.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු ආණ්ඩුව පාලනය කරන සමයේ දී ඉන්දියාවට තෙල් ටැංකි 61ක් ලබාදීමට දුන් එකඟතාව අනුව සිදු කළ යෝජනා සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම (එට්කා ගිවිසුම) අලුත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණ ද; කිසිලෙසකින් වත්මන් රජය ඊට අත්සන් නොතැබූ බවයි විජිත හේරත් මහතා අවධාරණය කළේ.

කිසිදු ලෙසකින් මාලිමා රජය රටට වරදක් නොකරන බවත්; සාකච්ඡා පැවැත්වුව ද අත්සන් නොතැබූ බවත් රටේ කෘෂි නිෂ්පාදන සහ කිරි නිෂ්පාදන සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ඉන්දීය රජය සමග දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව ද රජය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ තොරතුරු මුදාහරිමින් විජිත අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

සමාජය තුළ ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් සංවාද ඇති වුව ද කිසිදු ලෙසකින් දෙරට අතර එවැනි ගිවිසුමක් අත්සන් නොතැබුණු බවත් දෙරට තුළ ම වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් වූ සමාජ ආරක්ෂණ ගිවිසුමක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?