ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට නැමීබියානු පිතිකරු ජෑන් නිකොල් ලොෆ්ටි-ඊතන් අද සමත් වුණේ.
පන්දු 33ක දී 22 හැවිරිදි ජෑන් නිකොල් මෙම ශතකය වාර්තා කළ අතර, නේපාලය සමඟ පැවති විස්සයි විස්ස තරගයක දී ඔහු මෙම දක්ෂතාව දැක්වූවා.
මෙම තරගයේ දී ඔහු ලකුණු 101ක් පන්දු 33ක් තුළ වාර්තා කළ අතර, ඔහුගේ මෙම වේගවත් ඉනිමට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වුණා.
මීට පෙර නේපාල පිතිකරු කුෂාල් මල්ල 2023 වර්ෂයේ දී පන්දු 34ක දී ලකුණු 100ක් රැස්කරගෙන ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වේගවත්ම ශතකයේ හිමිකරුවා බවට පත්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
+1
7
+1
3
+1
1
+1
2
+1
2














