එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන්න සැරසුණු නෙතන්යාහුට දැඩි විරෝධයක් – විශාල පිරිසක් ශාලාවෙන් එළියට

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සූදානම්වන අවස්ථාවේ දී එහි නියෝජිත පිරිසක් ශාලාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් එම නියෝජිත පිරිස මෙලෙස ශාලාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස මෙම නියෝජිත පිරිස ශාලාවෙන් ඉවත්ව යාම සිදුවූ බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය කතාව සිදුකරගෙන යන අවස්ථාවේ දී කෑගැසීම් සහ අත්පොළසන් නාදවලින් ඔහුගේ කතාවට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම “හුදෙක් පිස්සුවක්, එය පිස්සුවක් සහ අපි එය නොකරමු” යනුවෙන් ඔහු සිය කතාව තුළ ප්‍රකාශ කළ අතර, තවත් රටවල් එය පිළිගැනීම “නින්දා සහගත” බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ඉරානය, හවුති සහ හමාස් සංවිධානය ගැන ද සඳහන් කළ අතර, පසුව ඔහු සඳහන් කළේ 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර ලෝකයේ බොහෝ දෙනෙකුට මතක නැති බවයි.

මේ අතර රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යයක් පිළිගෙන ඇති අතර, ජාත්‍යන්තර පිළිගැනීම සඳහා වන ඉල්ලීමට මේ වනවිට රටවල් 145 කට වැඩි ප්‍රමාණයක් එක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?