එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන්න සැරසුණු නෙතන්යාහුට දැඩි විරෝධයක් – විශාල පිරිසක් ශාලාවෙන් එළියට

නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සූදානම්වන අවස්ථාවේ දී එහි නියෝජිත පිරිසක් ශාලාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් එම නියෝජිත පිරිස මෙලෙස ශාලාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස මෙම නියෝජිත පිරිස ශාලාවෙන් ඉවත්ව යාම සිදුවූ බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය කතාව සිදුකරගෙන යන අවස්ථාවේ දී කෑගැසීම් සහ අත්පොළසන් නාදවලින් ඔහුගේ කතාවට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම “හුදෙක් පිස්සුවක්, එය පිස්සුවක් සහ අපි එය නොකරමු” යනුවෙන් ඔහු සිය කතාව තුළ ප්‍රකාශ කළ අතර, තවත් රටවල් එය පිළිගැනීම “නින්දා සහගත” බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ඉරානය, හවුති සහ හමාස් සංවිධානය ගැන ද සඳහන් කළ අතර, පසුව ඔහු සඳහන් කළේ 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර ලෝකයේ බොහෝ දෙනෙකුට මතක නැති බවයි.

මේ අතර රටවල් ගණනාවක් පලස්තීන රාජ්‍යයක් පිළිගෙන ඇති අතර, ජාත්‍යන්තර පිළිගැනීම සඳහා වන ඉල්ලීමට මේ වනවිට රටවල් 145 කට වැඩි ප්‍රමාණයක් එක්ව තිබෙනවා.

  1. ඊශ්‍රායලයේ ජයග්‍රහණය මුලු මනුෂ්‍ය සංහතියේම ජයග්‍රහණයයි. ලංකාව ට තම රටේ සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල isis ත්‍රස්තවාදී පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම හා යුක්තිය ඉටුකීරීම ට කිසිම රජයකට තවම නොහැකි විය. ඊට ඊශ්‍රායලය සහ ඇමරිකානු සහාය පතමු.

    • පැහැදිලිවම mossad එකේ පඩිගන්න ඊශ්‍රායෙල් ඔත්තුකාරයෙක්. මොහු ගැන සොයා බලන්න. ලංකාවටත් ඉදිරියේදී ලොකු බලපෑමක් කරන්න පුළුවන්. Isis පිටුපස ඉන්නෙ ඉස්රායලය බව දැන් ඔප්පු වෙලා තියෙන්නෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14