ඌව සරසවි බිමේ මායිම් කොටසක ගින්නක්

ඌව විශ්වවිද්‍යාල මායිමේ පිහිටි ගැනෙල්පින්වත්ත හා ගිගුරුගමුව රක්ෂිතය තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ගින්න පැය කිහිපයක් තුළ පාලනය කිරීමට හැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එම් .එල් උදයකුමාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් ගින්නෙන් පිළිස්සී ගොස් ඇති බවත් වාර්තා වනවා.

ගින්නට හේතුව අනාවරණය වී නැතත් පවත්නා වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක පළ කරනවා.

ගින්න පාලනය කිරීම සඳහා එළදලුව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගිනි නිවීම් ඒකකය, විදුලි බල මණ්ඩලය, ඌව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිතුමා සහ ආරක්ෂක අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ඇතුළු පිරිසක් සහයෝගය දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?