ඌව සරසවි බිමේ මායිම් කොටසක ගින්නක්

ඌව විශ්වවිද්‍යාල මායිමේ පිහිටි ගැනෙල්පින්වත්ත හා ගිගුරුගමුව රක්ෂිතය තුළ ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් ගින්න පැය කිහිපයක් තුළ පාලනය කිරීමට හැකි වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ. එම් .එල් උදයකුමාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් රක්ෂිතයේ අක්කර 10ක පමණ කොටසක් ගින්නෙන් පිළිස්සී ගොස් ඇති බවත් වාර්තා වනවා.

ගින්නට හේතුව අනාවරණය වී නැතත් පවත්නා වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක පළ කරනවා.

ගින්න පාලනය කිරීම සඳහා එළදලුව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, ගිනි නිවීම් ඒකකය, විදුලි බල මණ්ඩලය, ඌව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිතුමා සහ ආරක්ෂක අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ඇතුළු පිරිසක් සහයෝගය දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39