13 වන ශ්‍රේණියේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉදිරියේ දී 12 වන ශ්‍රේණියේ දී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් පවසනවා.
එමෙන්ම මේ වන විට 11 වන ශ්‍රේණියේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේ දී 10 වන ශ්‍රේණියේ දී පැවැත්වීමට ද අප බලාපොරොත්තුවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
විශ්ව විද්‍යාල සඳහා තේරී පත්වන සිසුන්ගේ වයස් ප්‍රමාණය තවත් වසරකින් අඩු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
ඒ, අනුව ඔවුන් උපාධිදාරීන් ලෙස අඩු වයසින් විශ්වවිද්‍යාලවලින් පිටවීමට ලැබීම, රැකියාවක් සඳහා යොමු වීමේ දී ද වැදගත් වන බවයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




