උසස් පෙළ සිසුවා මුඛයට වෙඩි තබාගෙන මිය ගිහින්

උසස් පෙළ පාසල් සිසුවෙක් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි ගම්පොළ, ඇත්ගාල පොලිසිය පවසනවා.

අද (25) පෙරවරුවේ මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ පාර, උලපනේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක්.

මෙම සිසුවා සිය කාමරය තුළ දී වෙඩි තබාගැනීම සිදුකරගෙන ඇති අතර, ඉන් ඔහුගේ හිසේ පසුපස කොටසට බරපතළ හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පියා සතු මෙම ගිනි අවිය සඟවා තිබිය දී එය සොයාගෙන ඇති සිසුවා ඉන් මෙම වෙඩිතබා ගැනීම සිදුකරගෙන තිබූ බවයි පරීක්ෂණ පවත්වන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මහනුවර නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු වී තිබුණා.

නියමිත කාලයට වසරකට පෙර උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය සාර්ථක කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
6
+1
0
+1
10
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10