උසස් පෙළ පැවැත්වීම වළකාලන පෙත්සම ලබන 12 දක්වා කල් යයි

මෙවර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ඒ, පෙත්සම අද (25) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂිකාවක් වන හංසනි අලහකෝන් සිසුවිය ගොනු කොට ඇති පෙස්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන ඇමැති හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

උසස් පෙළ අධ්‍යාන කාලය අධ්‍යාන දින 107ක් සම්පූර්ණ විය යුතු බව 39/2023 චක්‍ර ලේඛණයේ පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර සිසුවිය මෙම අධ්‍යයන කාල සීමාවට පෙර මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සිය පෙත්සම මගින් සඳහන් කරනවා.

මේ තත්ත්වය යටතේ උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන්ට මහත් අසාධාරණයක් වි ඇතැයි ද නියමිත පරිදි විෂයමාලා සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරන පෙත්සම්කාරිය තම පෙත්සම විභාගයට අවසර දෙන ලෙස ද උසස් පෙළ විභාගයේ පැවැත්වීම වළකාල අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ කාල සටහන බලශුන්‍ය කරන ලෙසද ඉල්ලා සිටිනවා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මේ වන විට විභාගය ආරම්භ කර ඇති හෙයින් පෙත්සම පවත්වාගෙන යෑමට හැකියාවක් නැති බව පෙන්වා දුන්නා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු දක්වමින් පෙත්සම සංශෝධනය කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

නිර්මලත් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවය කරන ඉල්ලීමට අවසර දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ද අවසර දෙන්නැයි ඉල්ලා සිටියා.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධන පෙත්සමට අවසර දුන් අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් 12 වැනිදා කැඳවීමට නියෝග කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියොජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?