උමා ඔයේ ගිලී 10 හැවිරිදි දරුවන් දෙදෙනකු මරුට (වීඩියෝ)

උමා ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් පමණ වන සිසුන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

වැලිමඩ දී මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ අද (07) පස්වරුවේ බවයි දසත අප කළ විමසීමක දී ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

උමා ඔයේ දිය නෑමට වයස අවුරුදු 10ක් වන එකම වයසේ යහළුවන් තිදෙනකු පැමිණ තිබෙනවා.

එහිදී ප්‍රථමයෙන් ම දරුවන් දෙදෙනකු දියට බැස ඇති අතර එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා ගිලී ඇති බවයි පැවසෙන්නේ.

සිය මිතුරන් දෙදෙනා දියෙහි ගිලුණු විගස අනිත් දරුවා නිවසට දිවගොස් එම පුවත පවසා තිබෙනවා.

නමුත් නිවැසියන් උමා ඔය අසලට පැමිණෙන විටත් එම දරුවන් දෙදෙනා අතුරුදන් ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ප්‍රදේශවාසීන් හා පොලිසිය එක් ව අතුරුදන් වූ දරුවන් සොයා විමර්ශන අරඹා ඇති අතර ඉන් එක් දරුවෙකුගේ මළසිරුර ඔවුන් දිය නෑමට බැස්ස ස්ථානයට මඳක් දුරින් ගිලී තිබියදී සොයා ගැනුණා.

අනික් දරුවාගේ සිරුර හමුව ඇත්තේ දියට බට ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් බවයි වාර්තා වන්නේ.

මරණකරුවන් මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10