උප පොලිස් පරීක්ෂකගේ ‍යතුරුපැදියේ ගැටුණු පදිකයාට අමානුෂික පහරදීමක්

පදික මාරුවක දී තමා පදවාගෙන ගිය යතුරු පැදියේ ගැටුණු පුද්ගලයෙකුට ආරක්ෂිත හිස් වැසුමකින් පහර දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග ලැබූ පොලිස් නිලධාරියා රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා ඔහුව පොලිස් රැකවල් මැද ප්‍රතිකාර සඳහා කුලියාපිටිය මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කුලියාපිටිය – අරෑපොල පොලීසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු යි.

ඉකුත් 14 වෙනිදා සවස 2.40 ට පමණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ඇරෑපොල පොලීසියට අයත් යතුරු පැදියකින් පොලිස් ස්ථානයේ සිට බම්මන්න ප්‍රදේශයට ගමන් කරමින් සිට තිබෙනවා.

හොරවඩුන්නගම දේවස්ථානය ඉදිරිපිට ඇති පදික මාරුවේ දී උප පොලිස් පරීක්ෂකවරයා ගමන් කරමින් තිබූ යතුරු පැදියේ පුද්ගලයෙකු ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

යතුරු පැදියේ ගැටුණු පුද්ගලයාට උප පොලිස් පරීක්ෂකවරයා විසින් තමා පැළඳ සිටි ආරක්ෂිත හිස් වැසුම ගලවා පහර දී තිබෙනවා.

පහර කෑමට ලක්ව ඇත්තේ හොරවඩුන්නගම, බම්මන්න – නරාංගොඩ පදිංචිකරුවෙකු වන මුතුමුදලිගේ සෝමරත්න නම් 54 හැවිරිදි අයෙක්.

ඔහු ද ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශනයක් සිදු කෙරුණා.

ඒ අනුව කදානේගෙදර පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ඉකුත් 15 වෙනිදා සවස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන කුලි‍යාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත්තේ එම අවස්ථාවේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10