AFC Banner
Empty Ad
Empty Ad

උදැසනින් නිවසින් අතුරුදන් වු 20 හැවිරිදි සරත් ගේ සිරුර අන්තිමට හමුවූ තැන මෙන්න

කාසල්රී ජලාශයේ දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර ගොඩගෙන තිබේ.

ප්‍රදේශවාසීන් සහ ධීවරයන් සමඟ පොලිසිය එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී තරුණයාගේ සිරුර හමුවී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකුගේ සිරුරක්.

පාවහන් යුගලක් සහ ජංගම දුරකථනයක් කාසල්රී ජලාශය අසළ තිබෙනු දුටු පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කළා.

මිය ගිය තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

————————————————-

කාසල්රී ජලාශයට පුද්ගලයෙක් පැන ඇති බවට අනුමාන කිරීමත් සමඟ නොර්වුඩ් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ ජලාශය ආසන්නයේ තිබී ජංගම දුරකථනයක් සහ පාවහන් යුවලක් සොයාගැනීමත් සමඟයි.

ජලාශයේ දිය නෑමට පැමිණි පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව කළ සෝදිසි කිරීමකදී අදාළ පාවහන් යුගල සහ ජංගම දුරකථනය සොයාගෙන ඇත.

පසුව අනාවරණ වී ඇත්තේ එම දුරකතනය සහ පාවහන් යුගල නොර්වුඩ් වත්තේ ඉහල කොටසේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකුගේ බවයි.

එම තරුණයා නිවසින් අතුරුදන්ව ඇති බවට අද (17) උදෑසන ඥාතින් විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම තරුණයා ජලාශයට පැන ඇත්දැයි යන්න සෙවීම සඳහා කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව විමර්ශන ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?