උදයංගගේ සැලසුම් නිසා මත්තලට ආ රුසියන් රෙඩ් වින්ග්ස් – ජනපති අනුරටත් ඉල්ලීමක් (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය රාජ්‍ය සම්පත් යටතේ මත්තල ගුවන්තොටුපොළ ද බදු දීමට සූදානම් වූ පසුබිමක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම බදු දීමේ ටෙන්ඩරය මේ වනවිට නතර කර ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ මහතා පෙන්වාදෙන්නේ වසර 09ක් පුරා තමන්ගේ බැංකු ගිණුම් අක්‍රීය කරමින් පෞද්ගලික දේශපාලනික පළිගැනීම් ද සිදු කළ බවයි.

මේ වනවිට මත්තල ගුවන් තොටුපොළ රටට වැඩදායි අයුරින් සංචාරකයින්ට දිවයිනට පැමිණීමට අවස්ථාව උදාකර ඇති බව උදයංග වීරතුංග මහතා පෙන්වාදෙනවා.

අද (05) පෙරවරු 07.15ට රුසියාවේ කසාන් නුවර සිට සංචාරකයින් 411ක් රැගෙන Red Wings ගුවන් යානාව මත්තලට පැමිණි බවත්; එය තමන් කළ සැලසුම්හි ප්‍රතිඵල බවත් හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් බදු දීමට ටෙන්ඩර් කැඳවනු ලැබූ මත්තල ගුවන් තොටුපොළට අද පැමිණියේ 250 වැනි ගුවන් යානාව බවත් මේ වනවිට මත්තලට සංචාරකයින් 98,046ක් පැමිණ ඇති බවත් තමන් 2022 දෙසැම්බර් 29 වැනි දින සිට රෙඩ් වින්ග්ස් ගුවන් යානාවලට මත්තලට පැමිණීමට අවස්ථාවක් ලබා දුන් බවත් උදයංග මහතා වැඩිදුරටත් කියා සිටියා.

එබැවින් වසර 09ක් පුරා තමාගෙන් පැවති රජයන් කළ දේශපාලනික පළිගැනීම් නවතන ලෙසටයි උදයංග වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
21
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?