AFC Banner
Empty Ad
Empty Ad

උතුරේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඊට අදාළ පළමු වාරිකය ඉන්දියාව විසින් නිල වශයෙන් ඊයේ (28) භාරදුන්නා.

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එය මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා විසින් විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාර දුන් බවයි.

මෙම ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2022 වසරේ මාර්තු මාසයේදී අත්සන් තැබුවා.

එහි කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ යූ සෝලා ක්ලීන් එනර්ජි සමාගම අතර 2024 මාර්තු 01 වනදා අත්සන් කෙරුණා.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වූ පසු එම දූපත් සඳහා විදුලි බලය සැපයෙනවා.

මේ වනවිට එහි මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘති 2025 මාර්තු මුල දී නිමකිරීමටත් 2025 අප්‍රේල් වනවිට මෙරට ට භාරදීමටත් නියමිත යි.

මේ සඳහා ඉන්දියාව ලබා දී ඇති මූල්‍ය සහාය ඩොලර් මිලියන 11ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?