රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව පවසමින් මෙලෙස තරුණයින් අත්අඩංගුවට ගන්නා බවයි.
චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයාද අත්අඩංගුවට ගැනීම ද රජයට එරෙහිව නැගෙන විරෝධතා මැඩපැවැත්වීමට සිදුකළ සැළසුම් සහගත ක්‍රියාවක් බවයි. කෙසේ නමුත් රජය ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ පදනම මත ගනු ලබන ක්‍රියාමාර්ග කුමන හෝ පාර්ශවයක් මගින් දේශපාලනීකරණය කිරීම අනුමත කළ නොහැකි බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ.