උතුරේ තරුණයින් අත්අඩංගුවට ගැනීම ගැන දෙමළ සන්ධානයේ විරෝධය

රජයට එරෙහිව නැගෙන විරෝධතා සහ අප්‍රසාදය වසාගැනීමේ අරමුණින් සැළසුම් සහගතව උතුරු පළාතේ දෙමළ තරුණයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව දෙමළ ජාතික සන්ධානය චෝදනා කරනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් කියා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරන බව පවසමින් මෙලෙස තරුණයින් අත්අඩංගුවට ගන්නා බවයි.

චාල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගියදා යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයාද අත්අඩංගුවට ගැනීම ද  රජයට එරෙහිව නැගෙන විරෝධතා මැඩපැවැත්වීමට සිදුකළ සැළසුම් සහගත ක්‍රියාවක් බවයි. කෙසේ නමුත් රජය ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ පදනම මත ගනු ලබන ක්‍රියාමාර්ග කුමන හෝ පාර්ශවයක් මගින් දේශපාලනීකරණය කිරීම අනුමත කළ නොහැකි බවයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05