උතුරුමැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් තම පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් හා ඔහුගේ පුද්ගලික ලේකම්වරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ තීන්දුව ලබන අප්‍රෙල් මස 02 වන දින නිකුත් කරන බව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (05) ප්‍රකාශ කළා.
නඩුවේ දෙපාර්ශ්වයේම සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව මෙලෙස තීන්දුව නිකුත් කරන බවට විනිසුරුවරයා නිවේදනය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.
2012 හා 2014 කාලය අතරතුර එස්. එම්. රංජිත් සමරකෝන් යන අය උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වරයා ලෙස කටයුතු කරමින් පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාභයක් ලබාදීමට කටයුතු කිරීම, ඉන්ධන දීමනාව වැටුප සමග ලබා දී තිබියදි ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් 2,680,528.10ක්(රුපියල් 26 ලක්ෂයකට අධික මුදලක් ) ලබාගැනිම, එසේ ලබාගැනිමට රජයේ නිලධාරින් පෙලඹවිම ඇතුළු අල්ලස් පනෙත් දූෂණය නම් වරද සිදු කිරීම යන අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව අල්ලස් කොමිසම මගින් මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.