AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මැණිකේගේන් ඇදවැටුනු ඊජිප්තු ජාතිකයා ජීවිත්ක්ෂයට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා තිබේ.

පසුව ඔහුව නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ (16) රාත්‍රියේ දී විදේශිකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමති 32 හැවිරිදි සංචාරකයෙකි.

ජීවිතක්ෂයට පත්වූ ඊජිප්තු ජාතිකයා මීට සතියකට පමණ පෙර සංචාරයක් සඳහා මෙරට පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කරමින් සිටිය දී ඊයේ දහවල් එලෙස ඇද වැටී තුවාල ලබා තිබේ.

නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයා ව ඔහුගේ මිතුරන් විසින් පසුව කොළඹ පෞද්ගලික රෝහලක් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී විදෙස් ජාතිකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පට්ටිපොළ පොලීසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?