උඩරට මැණිකේගේන් ඇදවැටුනු ඊජිප්තු ජාතිකයා ජීවිත්ක්ෂයට

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියෙන් වැටී බරපතළ තුවාල ලබා තිබේ.

පසුව ඔහුව නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ (16) රාත්‍රියේ දී විදේශිකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නැමති 32 හැවිරිදි සංචාරකයෙකි.

ජීවිතක්ෂයට පත්වූ ඊජිප්තු ජාතිකයා මීට සතියකට පමණ පෙර සංචාරයක් සඳහා මෙරට පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් කරමින් සිටිය දී ඊයේ දහවල් එලෙස ඇද වැටී තුවාල ලබා තිබේ.

නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විදේශිකයා ව ඔහුගේ මිතුරන් විසින් පසුව කොළඹ පෞද්ගලික රෝහලක් වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී විදෙස් ජාතිකයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පට්ටිපොළ පොලීසිය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52